News and Updates

  • දෙවිනුවර වෙඩි තැබීමක්; දෙදෙනෙකු මරුට

    දෙවුන්දර වෙඩි තැබීමෙන් වයස අවුරුදු 28 හා 29 තරුණයන් දෙදෙනෙක් මිය යයි. වෙඩික්කරුවන් ගමන්ගත් වෑන් රථය ගන්දර වැල්ලමඩම හන්දියේ ගිනි තබා තිබියදී සොයාගැනේ.

  • ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩන් ගුවන් ගමන් අවලංගු කෙරේ

    හීත්‍රෝ ගුවන්තොටුපළ අසල ඇති වූ උපපොළක ගින්නකින් පසු එය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා), මාර්තු 21 වන දින පැය 20.40 ට පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කරන ලදී-ශ්‍රී ලංකන් ගුවන් සේවය

  • ජෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ K8 පුහුණු යාත්‍රාවක් රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගොස් පසුව වාරියපොල මිනුවන්ගෙටේ දී කඩා වැටේ. නියමුවන් දෙදෙනා ගුවන් යානයෙන් පිටතට පැන පැරෂුටයක් ආධාරයෙන් ආරක්ෂිතව බිමට බැස්සා (ඡායාරූපය අමුණා ඇත

  • දේශබන්දු නැවත රිමාන්ඩ්

    දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග.

  • ළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

    පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා.-මැතිවරණ කොමිෂන් සභාව

  • වාහන ආනයනය සම්බන්ධව විශේෂ ගැසට් පත්‍රයක් – වාහන ආනයනයට තිබූ බාධාවන් ඉවතට

    සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතික සඳහා අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය කරමින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක්.

  • සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට

    වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

  • හිටපු පා.ම ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට

    නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • නව රජයේ පළමු අයවැය අද

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වන අතර, එය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ අයවැය කතාව සඳහා පාර්ලිමේන්තුව අද (17) පෙ.ව. 10:30 ට රැස්වේ.