Category: Uncategorized
-
ජල සම්පාදන මණ්ඩලය MR ගේ නිවසට ජල සැපයුම විසන්ධි කිරීම ප්‍රතික්ෂේප කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ නිවසට ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජල සම්පාදන මණ්ඩලය පැහැදිලි කරයි.
-
හොරණ කර්මාන්තපුරයක ගින්නක්
හොරණ ආයෝජන කලාපයේ කුරුදු කර්මාන්ත ශාලාවක ගින්නක්.ගිනි නිවන රථ පහක්(5) යොමු කෙරේ.-ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව
-
ශ්‍රී ලංකාවට ලකුණු 49ක ජයක්
ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 49 ක ජයක් ලැබීය. SL 214/10▪Charith Asalanka 127.▪Sean Abbott 3/61 AUS 165/10▪Alex carey 41▪M.Theekshana 4/40
-
වාද්දූව පොලිසියේ 4ක් අත්අඩංගුවට
වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිවිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
-
දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරු 139කට එකවර ස්ථාන මාරුවීම්
වැඩබලන පොලිස්පති SDIG ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අද (12) සහ පෙබරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.ස්ථාන මාරුවීම් යටතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 53 දෙනෙකු සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති අතර නව පත්වීම් 50 ක් ද මාරුවීම් අතර වේ.
-
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට කැබිනට් අනුමැතිය
අමාත්‍යාංශ, පළාත් සභා, කොමිෂන් සභා ආදී රාජ්‍ය ආයතන 10 ක පවතින පුරප්පාඩු 7,456 ක් පිරවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.
-
ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ
මෙම මාසයට අදාළව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.
-
යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු – විදෙස් ගමන් තහනමකුත් පනවයි
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ‘ඩේසි ආච්චි’ ලෙස හඳුන්වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සංචාරක තහනමක් නිකුත් කර තිබේ. ඒ මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් සහ ඔවුන් සතුව තිබූ රුපියල් මිලියන 59 ක ඒකාබද්ධ ගිණුමක් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන්.
-
තෝරයායේ බස් රථ අනතුරකින් 04ක් මරුට
කුරුණෑගල තොරයාය ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.
-
දුම්රිය හරස් මාර්ග වලදී ප්‍රවේශම් වන්න
විදුලිය ඇනහිටීම හේතුවෙන් දුම්රිය ගේට්ටු සහ අනතුරු ඇඟවීමේ පද්ධති අක්‍රිය විය හැකිය.දුම්රිය හරස් මාර්ගවලදී ප්‍රවේශම් වන්නැයි මහජනතාවට උපදෙස්-ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී