Author: admin
-
ගාල්ලේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට
ගාල්ල හිනිදුම ප්‍රදේශයේ, නවාතැන්පලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන්දෙනෙකු(3) මරුට.-පොලිසිය
-
නව මෘදුකාංග සමඟ අනවසර ජංගම දුරකථන අවහිර කිරීමට පියවර
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අනුමත නොකළ ජංගම දුරකථන භාවිතය හඳුනාගෙන ඒවා අවහිර කිරීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිතය. කොමිෂන් සභාව විසින් අනුමත නොකළ ජංගම උපාංග මිලදී ගැනීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.-TRCSL
-
ඇමරිකානු ගුවන් අනතුර: දිවි ගලවා ගත් කිසිවෙක් සොයාගෙන නොමැත
වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන් තොටුපළේදී ඇමරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් සහ එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් දිවි ගලවා ගත් කිසිවෙක් සොයාගෙන නොමැත. යානයේ පුද්ගලයන් 64 දෙනෙකු සිටි අතර හෙලිකොප්ටරයේ 3 දෙනෙකු සිට ඇත
-
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්
මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව 071 40 33 300 යන වට්ස්ඇප් අංකයට යොමු කිරීමට හැකියාව ඇත.
-
ප්‍රධාන නගරවල වායු තත්ත්ව මට්ටම් ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටම් කරා ළඟා වේ
▪කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු දූෂණය ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාව පුරා වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම් දක්වා පහත වැටී ඇත.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙයට හේතු පළකර ඇත්තේ කලාපය පුරා දූෂිත ද්‍රව්‍ය රැගෙන යන ඉන්දියාවේ සිට සුළං ගලා යාමයි. Safety Tips Amid Poor Air Quality:ආරක්ෂිත උපදෙස්
-
මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා (82) යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.-අධ්‍යක්ෂක, යාපනය රෝහල
-
මන්ත්‍රී අර්ච්චුනාට ඇප
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි.
-
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරාජය කරයි
19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය 2025, Super Six වටය. ශ්‍රී ලංකාව ලකුණු 12කින් ඔස්ට්‍රේලියාව පරාජය කළේය.
-
මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට
▪අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චූන මහතා යාපනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
-
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි. ඒ, බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ.