Category: Uncategorized
-
යෝෂිත රාජපක්ෂට ඇප
නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්තේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැර තිබෙනවා.
-
ඉමදූවේදී බස් රථ 3ක් එකිනෙක ගැටෙයි
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
-
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාවන් නිකුත් කෙරේ
2024, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාව ප්‍රකාශයට පතර කර තිබෙනවා. සිංහල සහ දෙමළ මාධ්‍යවලට අදාළ ලකුණු වෙන වෙනම නිකුත් කර ඇත.
-
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්
අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
-
ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම හදිසියේ ගිනි ගනී
බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.▪කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.
-
මෝටර් රථයක් මොරගහ ඔයට පෙරලීයෑමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
මහනුවර පන්විල, බැද්දේගම ප්‍රදේශයේදී ලෑන්ඩ්කෲසර් ප්‍රාඩෝ රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහල මොරගහ ඔයට පෙරලීයෑමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් කල දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ අයෙකු රෝහල් ගත කේරුනා. අනතුරින් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තාවේ
-
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කෙරේ
සිමෙන්ති සදහා පවතින සෙස් බද්ද අඩු කිරීමේ මුදල් අමාත්‍යාංශ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය.සිමෙන්ති කොට්ටයක මිල රු. 100 කින් පමණ අඩුවනු ඇතැයි, මුදල් අමාත්‍යාංශය කියයි.
-
වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළේය.
-
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වෙයි
කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ වසර 12කට ආසන්න කාලයක් ඔහු දරමින් සිටි පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇත. ඒ නව නායකයෙකු තෝරා ගන්නා තුරු තමන් ධූරයේ රැඳී සිටින බව පවසමින්.
-
මනූෂ නානායක්කාරගේ සොහොයුරා යළි රිමන්ඩ්
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.