Author: admin
-
සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපාට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතිබව වාර්තා වෙනවා.
-
ඩිජිටල් රියදුරු බලපත්‍රයකට කැබිනට් අනුමැතිය
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
-
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ අත්අඩංගුවට
▪කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.▪පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ පැහැරගෙන යාමේ චෝදනාවලට සම්බන්ධ බව වාර්තා වේ.
-
පොඩි ලැසී හා ලොහාන් රත්වත්තට ඇප
▪ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසීට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප▪කොල්ලුපිටියේ රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
-
සහල් සදහා පාලන මිලක් නියම කරයි
සහල් ව්‍යාපාරිකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සහල් කිලෝග්රෑමයකට පහත සඳහන් මිල ගණන් යටතේ අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කරයි.▫නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි හා සිල්ලර මිල රුපියල් 230යි.▫සුදු කැකුළු – රු. 215යි හා 220යි.▫ආනයනික නාඩු සිල්ලර මිල රු.220 යි.▫සම්බා – රු.235යි හා 240යි.▫කීරි සම්බා – රු.255 හා රු.260යි.
-
අවුරුදු 12 ට අඩු ළමයින්ට වෙළඳ දැන්වීම් තහන
ලබන වසරේ සිට වයස අවුරුදු 12ට අඩු බාලවයස්කාර දරුවන් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය
-
ලොහාන් රත්වත්තේ ආයෙත් රිමාන්ඩ්
බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
-
විදුලි ගාස්තු සංශෝධනයක් නෑ – ලංවිම කියයි
පවතින විදුලිය ගාස්තු තවත් මාස හයකට එලෙසම පවත්වාගෙන යාමට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක්.-ලංකා විදුලිබල මණ්ඩලය
-
ඇප මත මුදා හැර සිටි ලොහාන් යළිත් අත්අඩංගුවට
ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේදී යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-
රෝහල් වීදියේ ගින්නක්
කොළඹ කොටුවේ හෝටලයක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 10ක් පිටත්කර යවා තිබේ.