Category: Uncategorized
-
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
දිවයින පුරා විදුලිය ඇනහිටීමට හේතුව බස්නාහිර පළාතේ පානදුර උපපොළේ කරුණක් ලෙස හඳුනාගෙන ඇත. හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටී.
-
පොලීසියේ ලොක්කෝ රැසකට මාරුවීම්
පෙබරවාරි 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIGs) 5 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 7 දෙනෙකු මාරු කර ඇත. ඔවුන් අතර STF අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර ද වෙති.එදිනම සිට STF නව අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එස්. ද සිල්වා පත් කර ඇත.
-
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ රවීගේ යෝජනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.
-
GovPay අද(07) සිට ක්‍රියාත්මකයි
රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දීමට නියමිතයි.පළමු අදියරේදී මෙම යෙදවුම හරහා රාජ්‍ය ආයතන 16 ක ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි බවත් අප්‍රේල් මාසය වන විට එය 30ක් දක්වා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවේ.
-
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.එම ගොඩනැගිල්ලේ 35වන මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවා දැමීම සඳහා සේවා රථ තුනක්(3) යොදවා ඇතැයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
-
MR ඉදිරිපත් කළ FR එක සලකා බලන්න දින දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
-
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට සිතාසි
ක්‍රිෂ් ගනුදෙනුවට’ අදාළව රුපියල් මිලියන 70 ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙබරවාරි 18 වන දින කොළඹ මහාධිකරණයට කැඳවා තිබේ.
-
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රි ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත් කෙරේ.
-
රජය වී මිල දැනුම්දෙයි
▪වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමට අදාළ සහතික මිල ගණන් ප්‍රකාශයට පත්කෙරේ.▫නාඩු වී කිලෝග්රෑම් එකක් රු. 120▫සම්බා වී කිලෝග්රෑම් රු. 125▫කීරි සම්බා වී කිලෝග්රෑම් එකක් රු. 132.
-
EPF පනත යටතේ නව ක්‍රමේකට සාමාජික ලියාපදිංචි කිරීම්
▪සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.▪ඒ අනුව, අවශ්‍ය පිරිස 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකිය.